නොරොච්චෝලෙන් ඇසිඩ් වැසි එයිද?
නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට විරුද්ධව සමහර බටහිර රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන අභූත චෝදනා නිමක් නෑ . බලශක්ති නැතිනම් පරිසර විශාරධයින් , ලෙස තමාම හඳුන්වා ගන්න සමහර පුද්ගලයින් පොදුවේ රටේ තියෙන සැබෑ පරිසර ප්‍රශ්න කිසිවක් ගැන කතාකරනවා පේන්න නෑ . නමුත් බලගාරේ වැට මායිමට වෙලා බල ඉන්නවා අළු දුවිලි පොදක් එනකන්. තවත් සමහරු කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කියනව කොළඹ විතරක් නොවෙයි , නාවලපිටිය වගේ ප්‍රදේශවල වායු දුෂණයට පවා ලක්විජය බලාගාරය වග කිව යුතුයි කියල. ඉතින් කොරෝනාව නිසා කොළඹ විතරක් නෙවෙයි මුළු ලංකාවේම රථ වාහන ධාවනය හොඳටම අඩුවෙලා , වෙනත් කර්මාන්තශාලා වැහිලා තියෙත්දී , ලක්විජය බලාගාරය 900MW පුර්ණ ක්‍රියාකාරිත්වයකින් ක්‍රියාකරමින්, රටේ විදුලි අවශ්‍යතාවයෙන් 50- 60% පමණ ප්‍රමාණයක් ලබාදෙමින් තිබුන මේ කාල වකවානුවේදී අන්තර් ජාතික ආයතන මග...