නොරොච්චෝලෙන් ඇසිඩ් වැසි එයිද?
නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට විරුද්ධව සමහර බටහිර රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන අභූත චෝදනා නිමක් නෑ . බලශක්ති නැතිනම් පරිසර විශාරධයින් , ලෙස තමාම හඳුන්වා ගන්න සමහර පුද්ගලයින් පොදුවේ රටේ තියෙන සැබෑ පරිසර ප්‍රශ්න කිසිවක් ගැන කතාකරනවා පේන්න නෑ . නමුත් බලගාරේ වැට මායිමට වෙලා බල ඉන්නවා අළු දුවිලි පොදක් එනකන්. තවත් සමහරු කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කියනව කොළඹ විතරක් නොවෙයි , නාවලපිටිය වගේ ප්‍රදේශවල වායු දුෂණයට පවා ලක්විජය බලාගාරය වග කිව යුතුයි කියල.
ඉතින් කොරෝනාව නිසා කොළඹ විතරක් නෙවෙයි මුළු ලංකාවේම රථ වාහන ධාවනය හොඳටම අඩුවෙලා , වෙනත් කර්මාන්තශාලා වැහිලා තියෙත්දී , ලක්විජය බලාගාරය 900MW පුර්ණ ක්‍රියාකාරිත්වයකින් ක්‍රියාකරමින්, රටේ විදුලි අවශ්‍යතාවයෙන් 50- 60% පමණ ප්‍රමාණයක් ලබාදෙමින් තිබුන මේ කාල වකවානුවේදී අන්තර් ජාතික ආයතන මගින් අන්තර් ජාලයේ වායු දුෂණය පිලිබඳ ලබාදෙන තොරතුරු ආධාරයෙන් රටේ වායු දුෂණය ගැන පොඩි අධ්‍යනයක් කලා. ඉතින් ඒ තොරතුරු කෙටියෙන් මෙහෙම කියන්න පුළුවන්.
සමහර පරිසර ක්‍රියාකරින් මහජනතාව , බෞද්ධයින් බය කරනවා බලාගරෙන් විශාල වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිටවෙනවා , මේවා ඇසිඩ් වරුසාව හැටියට වැටිලා ශ්‍රී මහා බෝධියට පවා බලපානව කියල.
මේ තියෙන්නේ ලෝකයේ ඕනෑම තැනක සල්ෆර් ඩයොක්සයිඩ් වායුව බලාගන්න පුළුවන් වෙබ් පිටුවක්.
මේ තියෙන්නේ ලෝකයේ ඕනෑම තැනක සල්ෆර් ඩයොක්සයිඩ් වායුව බලාගන්න පුළුවන් වෙබ් පිටුවක්.
SO2 around Sri Lanka
|
SO2 in Sri Lanka |
දැන් අපි ලංකාවේ තත්වය මේකෙන් බලමු. මේ පින්තුරේ ගත්තේ 2020 අප්‍රේල් මාසේ 6 වෙනිදා , බලගාරේ 900MW පුර්ණ ක්‍රියාකාරිත්වයකින් තිබුන වෙලාවක. ලක්විජය බලගාරේ අවට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පෙන්වන්නේ ඝන මීටරයට මයික්‍රෝ ග්‍රැම් 0.57 වශයෙන්. අපිට හොඳට පේනවා මේ දවස්වල වාහන අඩු උනත් කොළඹ ගම්පහ වගේ ප්‍රදේශවල මේ අහිතකර වායුව වැඩි වශයෙන් තියෙන ආකාරය. ඒ අවස්ථාවේ කොළඹ අගය වෙන්නේ 12.59 වශයෙන්. ඒ වගේම තමයි නැව් මාර්ගය සහ රථ වාහන නිසා මාතර ප්‍රදේශයේ එම අගය 5 ටත් වැඩ වැඩියි. ඒ කියන්නේ ගාල්ල මාතර ප්‍රදේශයේ සල්ෆර් ඩයොක්සයිඩ් වායු ප්‍රමණය පුත්තලමට වඩා දහ ගුණයකයකින් විතර වැඩියි. ඉතින් මෙයින් හොඳටම පැහැදිලි වෙනවා , ලක්විජය බලාගාරෙන් ඇසිඩ් වර්ෂාව හැදෙන ප්‍රමාණයට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට කරන්නේ නෑ කියල. බලාගාරේන් එලියට එන දහන වායුවේ තියෙන අහිතකර වායු, අළු ආදිය පෙරලා පරිසරයට මුදාහරින නිසා රථවාහන නැව් ආදියෙන් නිකුත්වනවට වඩා අඩු ප්‍රමාණයක් තමයි පරිසරයට මුදාහරින්නේ. මේ අගයන් සුළං ප්‍රවාහය, වර්ෂාව වගේ දේවල් නිසා වෙනස් වෙනවා. ඔබටත් පුළුවන් මේ වෙබ් පිටුවට ගිහින් දවස් කීපයක අගයන් අරගෙන බලන්න.
වායු දුෂණය ගැන කථා කරත්දි වාතයේ තියෙන පාවෙන දූවිලි අංශු ප්‍රමාණයත් සලකා බලනවා. ගොඩක් අයගේ හතිය වගේ පෙනහළු ආශ්‍රිත රෝගවලට දූවිලි බලපානවා. වාතයේ තියෙන දුවිලි, අහිතකර වායු සියල්ල සලකල වාතයේ තියෙන ගුණාත්මක බවයන් ගැන විස්තර නොමිලේ ලබාදෙන ආයතන තියෙනව. NASA වගේ ආයතනත් නොමිලේ මේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබාදෙනවා. ඒ වගේ ලෝකේ ඕනෑම තැනක වායු තත්ව දර්ශකයක් [ Air Quality Index ( AQI)] මෙන්න මේ වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්.
වායු දුෂණය ගැන කථා කරත්දි වාතයේ තියෙන පාවෙන දූවිලි අංශු ප්‍රමාණයත් සලකා බලනවා. ගොඩක් අයගේ හතිය වගේ පෙනහළු ආශ්‍රිත රෝගවලට දූවිලි බලපානවා. වාතයේ තියෙන දුවිලි, අහිතකර වායු සියල්ල සලකල වාතයේ තියෙන ගුණාත්මක බවයන් ගැන විස්තර නොමිලේ ලබාදෙන ආයතන තියෙනව. NASA වගේ ආයතනත් නොමිලේ මේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබාදෙනවා. ඒ වගේ ලෝකේ ඕනෑම තැනක වායු තත්ව දර්ශකයක් [ Air Quality Index ( AQI)] මෙන්න මේ වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්.
April 6,2020 |
1) මේ පින්තුරය ගත්තේ ඇඳිරි නිතිය දාල තිබුන 2020 , අප්‍රේල් 6 දවසේ. ලක්විජය බලාගාරේ 900MW නිෂ්පාදනය කරන වෙලාවක් . නමුත් පුත්තලම ප්‍රදේශයේ වායුව කොළඹට වඩා ගොඩක් හොඳයි. මේ දර්ශකයයේ කොලපාට ( හෝ වැඩි ලකුණු ප්‍රමාණයක්) පෙන්වනවා නම් වායුව හොඳයි. රතු පාට ( හෝ අඩු ලකුණු ප්‍රමාණයක්) පෙන්වනවානම් වාතය හොඳ මට්ටමක නෑ . ඇත්තටම ගත්තොත් කොළඹ වායු දුෂණය තමා පුත්තලම දක්වාම බලපාල තියෙන්නේ කියල පේනවා.
2) මේ තියෙන්නේ අප්‍රේල් 8 වෙනිදා රෑ බස්නාහිර පළාතට හොඳ වැස්සක් වැටුනට පස්සේ දැක්ක විදිය. මේක තමයි මං දැක්ක හොඳම පින්තුරේ. වැදගත්ම දේ තමයි ලක්විජය බලාගාරේ පුර්ණ ක්‍රියාකාරිත්වය තිබුනත් පුත්තලම ප්‍රදේශයේ වායු තත්වය 70 ක් වගේ ඉතා හොඳ අගයක් තිබීම. බලාගාරේට එල්ලවෙන වායු දුෂණ චෝදනා සියල්ල බොරු කියල මේකෙන් පැහැදිලි වෙනවා නේද? කොළඹ තිබුන දුෂිත වාතය සුළඟ නිසා මධ්‍යම කඳුකරයට දිශාවට ගමන් කරපු බවත් පෙන්න තියෙනව.
නමුත් එදා තිබුණ සුළං රටාව ( නිල් පාට පින්තූරය ) නිරීක්ෂණය කලාම පේනවා , කොළඹ අවට මුහුදේ තියෙන දුෂිත වාතය , සුළඟට පුත්තලම ප්‍රදේශයට අරන් ගිහින් කියල. ඉතින් ඔබ අර වෙබ් පිටුවට ගිහින් බැලුවම පුත්තලම මන්නාරම ප්‍රදේශවල රතුපාට දැක්කම එකපාරම නිගමන වලට එන්න එපා. වාතයේ තත්වයත් , සුළං හමන රටාවත් අධ්‍යනය කරන්න ටික දවසක් හරි. මොකද ඒ දුෂිත වාතය කොළඹ හරි ඉන්දියාවේ ඉඳල එන ඒවා බොහෝදුරට. මොකද පුත්තලම වායුව දුෂණය වෙන්න ලක්විජය බලපනවානම් බලාගාරේ දිගටම දුවපු නිසා මුලින් තිබුණ ( අප්‍රේල් 6-7 ) වගේ පින්තූර එන්න විදියක් නැනේ.
මෙන්න මේ වෙබ් පිටුවලින් හුළං හමන විදිය බලාගන්න පුළුවන්.
4) අප්‍රේල් 19 වෙනිදා දර්ශනයෙන් 3) දී කියපු කරණය තවත් තහවුරු වෙනවා. . එදා සුළඟ උතුරු සහ දකුණු ප්‍රදේශවලින් හමා ඇවිත් කොළඹ හරහා රට ඇතුලට ගලා ඇවිත් රථ වාහන නිසා ඇතිවුන දුෂිත වාතය කඳුකරය දක්වාම රැගෙන ගිහින්. මෙන්න මේ වගේ දවස්වල තත්වය දැකල වෙන්න ඇති අර ඊනියා පරිසරවේදීන් ලක්විජයේ බලපෑම නවලපිටියත් එනවා කියල බොරු නිගමන වලට එන්න ඇත්තේ.?
April 19, 2020 |
5) මේ අප්‍රේල් 20 වෙනිදා තිබුණ විදිය. කොළඹ ප්‍රදේශයේ රතුපාට ගාල්ල දක්වාම විහිදිලා ගිහින්. පුත්තලමේ තත්වය ඉතා හොඳයි. සුළං ප්‍රවාහය බැලුවම පේනවා මොකද උනේ කියල.
April 20,2020
මේ අනුව අපිට හොඳින්ම පේනවා රටේ වායු දුෂණයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ රථ වාහන කියල. ඒ නිසා වායු දුෂණය අඩුකරන්න නම් ප්‍රවාහන සේවා දෙසට තමා වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. බලාගාර වල වැඩි කාර්යක්ෂමතාවකින් ඉන්ධන දහනය සිදුවන නිසා සහ දුෂණය පාලනය කරන ක්‍රම භාවිතා කරන නිසා , සමස්ථයක් වශයෙන් වාහන වලට සාපේක්ෂව අඩු දුෂණයක් තමා වෙන්නේ.
ඉතින් අපිට කරන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය තමයි, රටේ පොදු ප්‍රවාහන සේවා දියුණු කරලා , පොදු සහ පුද්ගලික වාහන උපරිම වශයෙන් විදුලියෙන් ධාවනය කරන එක . මේ සඳහා අවශ්‍ය විදුලිය ලක්විජය වගේ අඩු වියදම් බලාගාර වලින් නිෂ්පාදනය කලොත් අපිට ඉතිරිවෙන මුදලින් පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න පුළුවන්. ලෝකයේ බොහෝ දියුණු රටවල් ඒ මාර්ගයේ තමා ගිහින් තියෙන්නේ.
වායු දුෂණය අවම කරන්න අපි ඒ වගේ ක්‍රමානුකුල ගමනක් යනවා වෙනුවට , NGO වලින් යැපෙන බටහිර පන්නයේ ව්‍යාජ පරිසරවේදීන් කියන විදියට මුලින්ම අඩුවියදම් බාලාගාර වහල දාල හරියන්නේ නෑ . ඒක හරියට අර වත්තේ අඹ විකුණලා දියුණුවෙන විදිය කලපනා කරපු මෝඩ මනුස්සයෙක් ,ව්‍යාපාරේ පටන් ගන්නත් කලින් , තමන් දියුණුවුණාට පස්සේ යන එන, හිතේ මැවුන කාර් එක ඇතුලට ගන්න ඉඩමදී කියල අඹ ගහ කපුවා වගේ වැඩක්.
වායු දුෂණය අවම කරන්න අපි ඒ වගේ ක්‍රමානුකුල ගමනක් යනවා වෙනුවට , NGO වලින් යැපෙන බටහිර පන්නයේ ව්‍යාජ පරිසරවේදීන් කියන විදියට මුලින්ම අඩුවියදම් බාලාගාර වහල දාල හරියන්නේ නෑ . ඒක හරියට අර වත්තේ අඹ විකුණලා දියුණුවෙන විදිය කලපනා කරපු මෝඩ මනුස්සයෙක් ,ව්‍යාපාරේ පටන් ගන්නත් කලින් , තමන් දියුණුවුණාට පස්සේ යන එන, හිතේ මැවුන කාර් එක ඇතුලට ගන්න ඉඩමදී කියල අඹ ගහ කපුවා වගේ වැඩක්.
.................................................................................................................................................................................
ඇඳිරි නීතිය නිසා රටේ වායු දුෂණය අඩුවීම පිලිබඳ 2020 මැයි 03 වෙනිදා සිළුමින පුවත් පතේ පළවූ ලිපිය
ඇඳිරි නීතිය නිසා රටේ වායු දුෂණය අඩුවීම පිලිබඳ 2020 මැයි 03 වෙනිදා සිළුමින පුවත් පතේ පළවූ ලිපිය
Comments
Post a Comment